Monday, November 21, 2016

නිවාස සැලසුම් ඇඳීම සඳහා බලසම්පන්න මෘදුකාංගයක්

නිවාස සැලසුම් ඇඳීම සඳහා භාවිතා කළ හැකි ඉතා සරල, නමුත් බලසම්පන්න මෘදුකාංගයක් තමයි මේ. වසර 2006 පමණ සිට නොමිලයේ ලබාදෙන මෙම මෘදුකාංගයේ පස් වැනි සංස්කරණය නිකුත් වුණේ පසුගිය ජූලි 19වැනිදා.



නියම පරිමාණයන්ට අනුව ද්විමාන සැලසුම් ඇඳීමටත්, ඒ සමගම ඒ සැලසුම ත්‍රිමානව බලාගැනීමටත් Sweet Home 3D පහසුකම් සලසනවා. ඒ වගේම, නිවසකට අවශ්‍ය දොර - ජනෙල්, ගෘහ භාණ්ඩ, විදුලි පහන් යනාදී සියලුම අංග ඔබට නොමිලයේම ඔවුන්ගේ නිළ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර සැලසුමට එකතු කරගත හැකියි.


  Sweet Home 3D මෘදුකාංගයේ මූලිකාංග කීපයක් ගැන කෙටියෙන් කිව්වොත්...






නියම මිණුම් වලට අනුව බිත්ති (සෘජු/වක්‍ර/ආනත) /පොළොව ඇඳීම පහසුවෙන්ම Mouse එක හැසිරවීමෙන් කළ හැකියි. එසේම ඕනෑම තට්ටු ප්‍රමාණයකින් යුත් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම සඳහා අලුතින් Levels එකතු කරගත හැකියි.



එසේ ඇඳගන්නා බිත්ති වලට දොර ජනෙල් ඇතුළත් කිරීම සඳහා, ඒවා වම් පස පැනලයෙන් සැලසුමේ බිත්ති මතට Drag and Drop කරන්න.
Image result for sweet home 3d


මුළුතැන්ගෙය, නිදනකාමරය, නාන කාමර යනාදී වර්ගීකරණයන් යටතේ දක්වා ඇති ගෘහ භාණ්ඩද, වම්පස පැනලයේ සිට සැලසුම මතට Drag and Drop කරන්න.



භාවිතා කරන හැඩතල/උපාංග වල වර්ණය, ප්‍රමාණය, තිබෙන දිශාව යනාදිය වෙනස් කිරීම සඳහා ඒ මත double click කරන්න.



ද්විමාන සැලසුම නිර්මාණය කරන අතරම, එය ත්‍රිමානව දැකගත හැකියි. (ඉහළ සිට බලන ආකාරයෙන් හෝ නිවස තුළට ගමන් කරන ආකාරයෙන්)



පරිමාණය දැක්වෙන රේඛා, ප්‍රදේශ නම් කිරීම් සහ දිශාව දැක්වෙන මාලිමාවක් යනාදී දේ පහසුවෙන් සලකුණු කළ හැකිියි.



දිවා/රාත්‍රී ආලෝක තත්ත්වයන් යටතේ ඉතා තාත්වික ඡායාරූප සහ වීඩියෝ සැකසිය හැකියි.



කලින් සැකසූ 3D models සහtextures නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන ඉතා පහසුවෙන් සැලසුම මතට import කළ හැකියි.


Image result for sweet home 3d
ඔබේ සැලසුම විවිධ මාදිලියෙන් Export කළ හැකියි.
Image result for sweet home 3d


ජාවා ක්‍රමලේඛ භාෂාවෙන් ලියූ plug-ins යොදාගෙන තවත් බොහෝ අංග එකතු කරගතහැකියි.


Image result for sweet home 3d

ඔබට මෙම වැඩසටහන Download කරගෙන Windows, Mac OS X, Linux හෝ Solaris මෙහෙයුම් පද්ධතියක එකසේ වැඩ කළ හැකියි. එසේත් නැතිනම් online වැඩසටහනක් ලෙසද භාවිතා කළ හැකියි.



Sweet Home 3D GNU General Public License, යටතේ නොමිලේ ලබාදෙන නිසා ඔබට වාණිජමය වැඩකටයුතු සඳහාත් මෙම මෘදුකාංගය නොමිලේම භාවිතා කළ හැකියි.


No comments:

Post a Comment