Monday, November 21, 2016

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.


No automatic alt text available.

සුදුසුකම් :-    

නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.

1.අදාල  බිම් කොටස පාදේශිය/නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.
2.එම අනුමත මානක සැලැස්මේ පිටපතක් ඉදිරිපත්කල යුතුය.
3.ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, 

4.අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.
5.ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන්

යුක්තව සකස්කර තිබීම.
6.සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම.


ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-  පාදේශිය/නගර සභාවේ ගොඩනැගිලි අංශය.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -රු : 200.0012% වැට්  -රු : 24.00 


ඉදිරිපත් කලයුතු වේලාවන් :-කාර්යාලීය දිනවල -පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා -ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- (පෙරසැරි ගාස්තුව).

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-සති 02 ක් හෝ 08 ක් අතරතුර.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
  
1. නේවාසික-   

*පාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
ඔප්පු පිටපතක්.
*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය. 
           
 2. වාණිජ හා කර්මාන්ත.

*පාදේශිය/ නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.
*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
ඔප්පු පිටපතක්.
*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා        
සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.              
*ගිනි නිවීම්  සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.
*කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක්  ඉදිරිපත් කල යුතුය.

                                      
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්මක 1986.03.10 දිනට ප්‍රථම බෙදා වෙන්කල ඉඩම් කැබලි සම්බන්ධයෙන්.


PS: T O ට Something ekak නොදුන්නොත් මේ කිසිවක් හරි යන්නේ නැත.

No comments:

Post a Comment