Sunday, January 5, 2020

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති හා නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති හා නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු
1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)
ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.
2.නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.
ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.
3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.
මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 23/4 ක් (මීටර 0.9) ලෙසද සැලකේ.
4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.
5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.
6. බිම් මට්ටමේ සිට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩුතැන් නොවිය යුතුය.
7. මනුෂ්‍ය වාසයට තැනූ ඕනෑම කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට (සම්මත ආලෝක තලයකට) විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.
ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර+ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවනලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය. ආලින්දයක සම්පූර්ණ දිගට අඩි 3 කට වඩා උසින්යුතු කෙටි බැම්මක්/ අත්වැටක් ඇතිවිටකදී එය විවෘත ආලින්දයක් ලෙස සැලකෙන්නේ නැත. වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.
8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි 71/2 දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය. (සම්මත ආලෝක තලය)
නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 71/2 ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා. එයට වඩා අඩු දුරකින් පිහිටුවන කිසිවක් නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබාදෙන්නක් ලෙසින් සැලකෙන්නේ නැහැ.
9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ. මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය. කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.
10.ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.
මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.
11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.
උපුටා ගැනීමකි.

Thursday, August 17, 2017

සුබ අසුබ ගෙන දෙන ළිං කැපීමේ දිශාව

ජලයෙන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච බල ශක්‌තිය ඇතිවේ. එය

රැක ගැනීමට ආදීන යුගයේ විසූ නැන වතුන්, ළිඳක්‌ කපා පිරිසිදු ජලය ලබාගැනීමට ජ්‍යෙdතීර්, වාස්‌තු, ගුප්ත විද්‍යාඥයන්ගේ උපදෙස්‌ අනුව තම යහපත පතා මාස, දින, නැකැත්, තිථි හෝරා ආදියට මුල් තැන දෙමින් ශාස්‌ත්‍රීය ක්‍රමයන් අනුගමනය කර ලිං කැණීම් කොට සෞභාග්‍ය, සැප, අයු දියුණුව ලබා ඇත.



ඒවා අද දක්‌වා පිළිපදින්නත් හිටියන් හිතුවක්‌කාරකම් හා අති පණ්‌ඩිත කම් ඔළුවට ගෙන කිසිදු විශ්වාසයක්‌ නැතිව තම මතයම අනුව ලිං කපා ඇත.

මරණ, සුවනොවන රෝග, කොරවීම් අංශභාග, තුවාල කැළල් කුෂ්ඨ රෝගයන්, පිස්‌සු ඔල්මාද, පවුල් අවුල්, අඬදබර, අඹු සැමි වෙන්වීම්, අඹුව නැතිනම් පුරුෂයා නිවසින් පිටව යැම ව්‍යාපාර බංකොලොත්වී ධන හානිවීම් ආදී මහා අති භයානක අශුභ පලයන්ට ගොදුරුවී අසරණ භාවයට පත්වූවන් අනන්ත අප්‍රමාණයයි.

අද අප බීමට හා නෑමට ජලය ලබා ගන්නා ළිං වර්ග විවිධාකාරය. රවුම් ළිං, හතරැස්‌ ළිං, ගල්ළිං, ඌරාතොට ළිං පනැස්‌ළිං, පොකුනු ළිං ආදී බොහෝය. මේ අතර නවීන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ජල නල ළිං ආදිය හා නාන කාමර ආදියද බිහිවී ඇත. මේවායේ ශුභ අශුභපල පැරැණි පුස්‌කොල පත්ඉරුවල සඳහන්ව නැත. මේවායින් රවුන් හැඩ ළිං ඉතා හොඳයි. එය දැකීමට පියකරුව පූර්ණම හැඩයෙන් යුක්‌තයි. හතරැස්‌ ළිං සාමාන්‍යයෙන් ශුභයි. එය සම බරව ඇත. ගල්ළිං ස්‌වභාව ධර්මයන් අනුව නානා හැඩයෙන් යුක්‌තයි. මේවා බොහෝම හොඳය. ඌරා කොට ළිං මෙම ළිං කුඹුක්‌, කොස්‌, ලුණු වරණ ආදී ගස්‌වල මුලකොටසින් මැද හාරා කුඹුරට බස්‌සවා ඇති ළිංය. දිය නෑමට යෝග්‍යයයි. පතැස්‌ - මේ ලිං කුඹුක්‌, පර, මිදෙල්ල ආදී ගස්‌යට කිසිම හැඩයක්‌ නැතිව පිහිටා ඇත. මෙහි දිය සිසිල්ය නෑමට ගුණය. පොකුණු ළිං - කිසිම හැඩයක්‌ නැත. මෙහි ජලය නෑමට යෝග්‍යවන අතර පොදුය. දැනට ඇති අනිකුත් ළිං ගැන කීමට ගුණාගුණ දක්‌වා නැත. එහෙත් ඒමන්ද ශුභ දිසාගතව පිහිටාවිය යුතුයි.

ළිං කැපීමේදී දිශාවන් ගැන සැලකිලිමත් විය යුතුයි. අපට දිශා අටක්‌ ඇත. එයින් නැගෙහිර දිසාවේ සිට ඉන්ද්‍ර අග්නි, යම, නෛරුන්‍ය, වරුණ, වායු, චන්ද්‍ර, රුද්‍ර යන දෙවිවරුන් අධිපති වේ. මේ දෙවි වරුන්ගේ නාමයන් මුල්කොට අටදිශාවේ ජලානහර පිහිටා ඇත. එම දෙවිවරුන්ගේ දිසා මාධ්‍යයේ මහා ශිරාව නම් ජල නහරයත් ඇත. ඒවායින් නහර දිග්භාගයෙන් ගලා එන දිය ශීරාවන් අනුව ගැඹුරින් ගලාඑන දිය ශීරාවන් බොහෝ ශුභය. අනු දිශාවන්ගෙන් ගලා එන දිය ශීරාවන් අශුභය.

වෘහත් සංහිතා 54 අධ්‍යයේ 57, 58 ශ්ලෝකය) පැරණි ඉසිවරු, ළිං කැපීමේදී ඇතිවන පල විපාකයන් මෙසේ දක්‌වා ඇත. නගරයක, ගමක, ඉඩමක ළිඳක්‌ ගිනිකොනෙහි ඇත්නම් එහි වෙසෙන මිනිසුන්ට ගිනිබයද ධන සම්පත් පිළිස්‌සෙන හානියද ඇතිවන බවත්, නිරේතේනම් දරුවන්ගේ අකල් මරණද, වයඹේ නම් ස්‌ත්‍රීන්ට බියද, ඇතිවන බවයි. මේ දිශා හැර අනිකුත් දිසාවල ළිං ඉතා ශූභය.

විශ්වකර්ම ප්‍රකාශයෙහි 8 වැනි අධ්‍යයෙහි 14 වැනි ශ්ලෝකයේ අදහස අනුව නිරිත, දකුණ, ගිණිකොන වයඹ හැරු සෙසු දිසාවන්හි ලිං කැපීම ශුභ බවත්, උතුර නැගෙනහිර, ඊසාන, බටහිර, දිශාවන්හි ළිං සැප, දරුලාබ ද ඇතිවන බව පෙන්වා ඇත.

(එහි 15 වැනි ශ්ලෝකයෙන්) පෙන්වාදී ඇති පරිදි නැගෙනහිර බටහිර හැරගේ මැද ළිං නොකැපියයුතු බව කියා ඇත. ගෙයි මුද ළිඳක්‌ ඇත්නම් ධන හානියද ඊසානයේ - පුෂ්ඨි, නැගෙනහිර, ඉසුරු, ගිණිකොන, පුත්‍රහානි දකුණ - ස්‌ත්‍රී හානි, නිරිත - මරණ, බටහිර - සම්පත්, වයඹ - සතුරු පීඩා, උතුරෙහි - සැප සම්පත් ඇතිවන බවයි. මෙය (වාස්‌තු විද්‍යාවේ 15 පරිච්ඡේදයේ 22 වැනි ශ්ලෝකය) හොඳින් පෙන්වාදී ඇත.

තවද "මුහුර්. චින්තාමනී" කකු තුමාගේ කාව්‍යයෙන් මෙසේ අදහස්‌ පෙන්වා ඇත.


පෙරදිග තැනු ළිඳ තම අඹු මිය ති

ගිණි කොන ගිනි බය යම දිග ලෙඩ ති

තැනූ ළිඳ වරුණේ අඹුවන් වැන සෙ ති

දනු වසඹේ කිසිවත් සුබ පල නැ ති


නිරිත ඉසානය සැප සම්පත් දෙ ති

පැවත උතුර ගව සම්පත් බෝ වෙ ති

නියත ගෙදර සිට විසි රියන් ඇ ති

නැකත මෙතුන් දිගලින් කප යහප ති


පුරාණ පලදාවලියේ මෙය සනාථ කර ඇති අන්දම මෙසේය.

කැණුවොත් ගෙය පෙරදිග ළිඳ තමන් අඹුව වැනසේ

පැමිණොත් ගිණි කොණ ගිනි බය දකුණ මරණ සැලසේ

සැප ඇත් ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ

වැඩ නැත් වසඹේ උතුරෙහි ගව සම්පත් සැලසේ

මයිමතයෙහි ද මෙයට සමාන අදහස්‌ දක්‌වා ඇත.

එබැවින් ඉපැරණි ඉසිවර පඬිවර උත්තමයන්ගේ කියමන් අනුව තම ඉඩමේ ළිඳක්‌ කැණීමේදී නිවසේ වෙසෙන්නන්ගේ රෝග දුක්‌ඛයන් බිය දුරුවී ආයුවැඩී ශ්‍රී සෞභාග්‍ය දවසින් දවස මුදුන් මල්කඩක්‌ මෙන් ඉහළට තලයට ලංකර ගැනීමට මෛත්‍රී සහගත දින මාස, හෝරා, තිථි නැකැත්

නිවැරැදිව ප්‍රවීන ජ්‍යෙdතිෂඥයන්ගේ හා ඉපැරැණි වාස්‌තු විද්‍යාඥයන්ගෙන් නිපුන වාස්‌තු විද්‍යාඥයන්ගේ පිහිට ලැබ දැනුම ලැබ තම ඉඩමේ ළිඳක්‌ කපාගත්තේනම් එය දිව්‍ය ලෝකයේ ඇති චූඩා මාණික්‍යයක්‌ වැනිය. එය පරම්පරාගතව පවතින ධනය දෙන නිධන් ඉල්ලමකි.

Monday, November 21, 2016

නිවාස සැලසුම් ඇඳීම සඳහා බලසම්පන්න මෘදුකාංගයක්

නිවාස සැලසුම් ඇඳීම සඳහා භාවිතා කළ හැකි ඉතා සරල, නමුත් බලසම්පන්න මෘදුකාංගයක් තමයි මේ. වසර 2006 පමණ සිට නොමිලයේ ලබාදෙන මෙම මෘදුකාංගයේ පස් වැනි සංස්කරණය නිකුත් වුණේ පසුගිය ජූලි 19වැනිදා.



නියම පරිමාණයන්ට අනුව ද්විමාන සැලසුම් ඇඳීමටත්, ඒ සමගම ඒ සැලසුම ත්‍රිමානව බලාගැනීමටත් Sweet Home 3D පහසුකම් සලසනවා. ඒ වගේම, නිවසකට අවශ්‍ය දොර - ජනෙල්, ගෘහ භාණ්ඩ, විදුලි පහන් යනාදී සියලුම අංග ඔබට නොමිලයේම ඔවුන්ගේ නිළ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර සැලසුමට එකතු කරගත හැකියි.


  Sweet Home 3D මෘදුකාංගයේ මූලිකාංග කීපයක් ගැන කෙටියෙන් කිව්වොත්...






නියම මිණුම් වලට අනුව බිත්ති (සෘජු/වක්‍ර/ආනත) /පොළොව ඇඳීම පහසුවෙන්ම Mouse එක හැසිරවීමෙන් කළ හැකියි. එසේම ඕනෑම තට්ටු ප්‍රමාණයකින් යුත් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම සඳහා අලුතින් Levels එකතු කරගත හැකියි.



එසේ ඇඳගන්නා බිත්ති වලට දොර ජනෙල් ඇතුළත් කිරීම සඳහා, ඒවා වම් පස පැනලයෙන් සැලසුමේ බිත්ති මතට Drag and Drop කරන්න.
Image result for sweet home 3d


මුළුතැන්ගෙය, නිදනකාමරය, නාන කාමර යනාදී වර්ගීකරණයන් යටතේ දක්වා ඇති ගෘහ භාණ්ඩද, වම්පස පැනලයේ සිට සැලසුම මතට Drag and Drop කරන්න.



භාවිතා කරන හැඩතල/උපාංග වල වර්ණය, ප්‍රමාණය, තිබෙන දිශාව යනාදිය වෙනස් කිරීම සඳහා ඒ මත double click කරන්න.



ද්විමාන සැලසුම නිර්මාණය කරන අතරම, එය ත්‍රිමානව දැකගත හැකියි. (ඉහළ සිට බලන ආකාරයෙන් හෝ නිවස තුළට ගමන් කරන ආකාරයෙන්)



පරිමාණය දැක්වෙන රේඛා, ප්‍රදේශ නම් කිරීම් සහ දිශාව දැක්වෙන මාලිමාවක් යනාදී දේ පහසුවෙන් සලකුණු කළ හැකිියි.



දිවා/රාත්‍රී ආලෝක තත්ත්වයන් යටතේ ඉතා තාත්වික ඡායාරූප සහ වීඩියෝ සැකසිය හැකියි.



කලින් සැකසූ 3D models සහtextures නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන ඉතා පහසුවෙන් සැලසුම මතට import කළ හැකියි.


Image result for sweet home 3d
ඔබේ සැලසුම විවිධ මාදිලියෙන් Export කළ හැකියි.
Image result for sweet home 3d


ජාවා ක්‍රමලේඛ භාෂාවෙන් ලියූ plug-ins යොදාගෙන තවත් බොහෝ අංග එකතු කරගතහැකියි.


Image result for sweet home 3d

ඔබට මෙම වැඩසටහන Download කරගෙන Windows, Mac OS X, Linux හෝ Solaris මෙහෙයුම් පද්ධතියක එකසේ වැඩ කළ හැකියි. එසේත් නැතිනම් online වැඩසටහනක් ලෙසද භාවිතා කළ හැකියි.



Sweet Home 3D GNU General Public License, යටතේ නොමිලේ ලබාදෙන නිසා ඔබට වාණිජමය වැඩකටයුතු සඳහාත් මෙම මෘදුකාංගය නොමිලේම භාවිතා කළ හැකියි.


නිවාස සැලසුම් සහ නිවාස වර්ග

Image result for house types

1.තනි මහල් නිවාස
තනි මහල් නිවාස කියන්නේ තනි තට්ට්ටුවේ ගෙවල් වලටම තමයි.ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ නිවාසයි.ලෝකේ කොහේ හැදුවත් බොහෝවිට ගෙවල් වල තියෙන්නේ එකම කොටස් ටිකක්.ඒ කියන්නේ විසිත්ත කාමරය (Living Room),ආහාර ගන්නා ස්ථානය (Dining room),මුලුතැන් ගෙය (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්,නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet) හෝ කීපයක් ප්‍රධාන වශයෙන්ද, අවශ්‍යතාවයන්ට අනුව වාහන නැවතුමට ගරාජයක්,මැද මිදුලක්,කාර්යාලීය කාමරයක්,වැරන්ඩා,නාන තටාක ආදිය ඇතුලත් කර ගත හැක.මේ සියලුම දේවල් හරි කීපයක් හරි තනි හෝ මහල් නිවාස වලට ඇතුල් කරන්න පුලුවන්.ඒත් ඊටපෙර මේ දේවල් ගැන හිතන්න ඕනි.
 
  • තනි මහල් නිවසක් වඩාත් සුඩුසු වන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකටයි.එහෙම කියන්නේ අද වන විට තියන අමුද්‍රව්‍ය වල මිල සහ සේවක කුලී ගැන සැලකීමෙන්.සාමාන්‍යයෙන් ලක්ශ 20~25 ක් විතර මුදලකින් සාමාන්‍ය මට්ටමේ විසිත්ත කාමරයක් (Living Room),ආහාර ගන්නා ස්ථානයක් (Dining room),මුලුතැන් ගෙයක් (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්(2~3), නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet),ගරාජයක්, වැරන්ඩාක් වැනි අංග ඇතුලත් සම්පූර්ණ තනි තට්ටුවේ නිවසක් ඉදි කරගන්න පුලුවන්.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ තරමක් විශාල ඉඩමකට.අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය සියලු අංග පොලොව මතුපිට ස්තාන ගතකල යුතු නිසා පර්චස් 15 ට වඩා වැඩි ඉඩම් මේ සඳහ සුදුසු වේ.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට.එහෙම කියන්නේ නාගරික ප්‍රදේශ වල තරමක් විශාල ඉඩම් සුලබ නොවන නිසා…ඒත් නාගරික ප්‍රදේශ වල තනි මහල් නිවාස ඉදි කලා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නෑ…
  • පවුලේ ජීවත් වෙන්නේ බොහෝම සුලු පිරිසක් නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට අඩු ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ තනි මහල් නිවාසයක්.
තනි මහල් නිවාසයකට කණු කීපයක් ඇති වැරන්ඩාවක් එකතු කරාම හුඟක් ලස්සනට පේනවා…ඒ වගේම වහලය මට්ටම් කීපයකට පල කීපයකට යෙදීමෙන් තනි මහල් නිවස තවත් ලස්සන කරගන්න පුලුවන්.හැබැයි මේවට තරමක් වැඩිපුර මුදල් වැයවෙන බව හිතේ තියාගන්න.දෙමහල් නිවසක් ගැන හීන දැක දැක හිටපු ඔබට යම් අපහසු තාවයක් නිසා තනි මහල් නිවසක් තැනීමට සිදු වුනොත් දුක් වෙන්න එප…ඉහත මා කී ක්‍රම සහ තවත් නොයෙක් ගෘහනිර්මාණ ක්‍රම මගින් ඉතා ලස්සන තනි මහල් නිවසක් සැලසුම් කරන්න දක්ශ සැලසුම් කරුවෙකුට පුලුවන්.ඒ නිසා හැම විටම සැලසුමක් අන්දවා ගැනීමට පෙර ඔබේ ආර්ථික මට්ටම සහ ඉඩමේ ස්වභාවය පිලිබඳව සැලසුම් ශිල්පියාට දන්වන.තනි මහල් නිවසකට වැයවෙන මුදල මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙන නිසා ජීවිත කාලයම බාගෙට හදපු දෙමහල් නිවසක ඉන්නවට වඩා සම්පූර්ණයෙන් හදාගත්තු තනි මහල් නිවසක ජීවත් වෙන එක හිතට ලොකු සහනයක්.ආයෙමත් මම කියන්න ඕනි මම මෙහෙම කියන්නේ ආර්ථික අතින් අපි වගේ සාමාන්‍ය මධ්‍යම පාන්තික අයට.
 
2.දෙමහල් හෝ මහල් කීපයක් ඇති නිවාස.
 
  • මහල් කීපයකින් යුතු නිවාස වඩාත් ගැලපෙන්නේ ආර්තික අතින් සවිමත් අයටයි.එහෙම නැතිනම් තරමක් විශාල මුදලක් බැංකුවකින් ණය මුදලක් ලෙස ලබාගෙන කොටස් වශයෙන් එය අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව ඔබට තියනවනම් මහල් නිවාසයක් ගැන ඔබට හිතන්න පුලුවන්.
  • මහල් කීපයකින් යුතු නිවාස පර්චස් කීපයක කුඩා ඉඩමකට මෙන්ම විශාල ඉඩම් සඳහා වුවද ගැලපේ.ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් නම් එහි ඇති ඉඩ ප්‍රමාණය කලමණා කරණය කරගෙන හොඳින් ඉඩ පහසුව ඇතිව දෙමහල් නිවසක් ඉදි කරන්න පුලුවන්.පර්චස් 7ක් 8ක් වගේ තියන නාගරික ඉඩමක උනත් පර්චස් 3 ක් විතර ගෙවත්තක් ඇතුව නවීන පන්නයේ අලංකාර හොඳින් ඉඩකඩ ඇති මහල් නිවසක් හදන්න පුලුවන්.
  • පවුලේ වැඩි පිරිසක් ජීවත් වෙනවා නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට වැඩි ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ දෙමහල් නිවාසයක්.
 
බොහෝ විට විසිත්ත කාමරය,කෑම කාමරය පෑන්ට්‍රිය හෝ කුස්සිය,ගරාජය,සේවක කාමර,අමුත්තන්ගේ කාමරය,නාන කාමරයක් වැනි අංග පහත මාලයටත් නිදන කාමර,රූපවාහිණී කාමරය,ලොබිය,සඳලු තලය,නාන කාමරයක් හෝ කීපයක් වැනි පුද්ගලික අංග ඉහත මාලයටත් යෙදීම සාමාන්‍ය ක්‍රමයයි.නමුත් පෙර මා කී මෙන් තනි මහල් නිවසකට යන වියදම මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙනවා.ඒ ගැනත් හොඳින් හිතල බලල තමට වඩාත් ගැලපෙනම නිවාස වර්ගය තෝර ගන්න.
 
ඔබේ නිවස තනි මහල් හෝ දෙමහල් කුමන ආකාරයේ නිවසක් උනත් වෙනත් නිවාස සමඟ සන්සන්දනය කරන්න එපා.සෑම විටම ලෝකේ තියන ලස්සනම,වාසනාවන්තම නිවස ඔබේ නිවස කියලා හිතන්න.ඔබේ ආර්තික මට්ටමට ගැලපෙන,ඔබේ අවශ්‍යතාවයන්න්ට ගැලපෙන ලෝකේ තියන හොඳම නිවාසයේ ඔබ ඉන්නේ කියලා හැමවෙලේම හිතන්න…එහෙම හිතුවොත් ඔබට කිසිදාක වරදින්නේ නෑ.