Monday, November 21, 2016

වාස්‌තු දෝෂ ඉවත් කර ගත හැකි සරල ක්‍රම

Image result for house

වාස්තු විද්යාව පිළිබඳ නිවැරැදි වැටහීමක්නොමැති නිසාත් වැරැදි උපදෙස්ලැබීම නිසාත්, සමහර නිවාස හිමියෝ මහත් කරදරයට පත් වෙති. වාස්තු විද්යා දෝෂ පවතී නම්, එම නිවසේ සමහර කොටස්බරපතළ ලෙස කඩා දැමීම අනුවණ ක්රියාවකි. දෝෂ ඉවත් කර ගැනීම සඳහා උපදෙස්දීමේදීත් උපදෙස්ලබා ගැනීමේදීත් ඉතා කල්පනාකාරී විය යුතුය.

නිවසක කොන් වැටී ළිඳක්දෝෂ සහිත නම්, එය ගෘහ මූලිකයාට මාරක අපල නිසා, ළිඳ වසා දමන්න යෑයි උපදෙස්නොදිය යුතුය. නිවසේ මුල්ලේ සිට අත්තිවාරම අඩි කීපයක්දික්කර, බැම්මක්බැඳීමෙන් එම දෝෂය මග හරවා ගත හැකිය.

ළිඳක දෝෂ පදිංචි නිවසට යොමු වන අවස්ථාවලදී ළිඳ සහ නිවස අතර, අඩි හයක්පමණ උසට තාප්පයක්බැඳීමෙන් දෝෂ ඉවත් කළ හැකිවේ. ළිඳ සහ නිවස අතර, දුර ප්රමාණය නිවසේ දිග ප්රමාණයට වැඩිනම්, දෝෂ බලපාන්නේ නැති බව වටහා ගත යුතුය.

දෙමහල් නිවාසවල පිය ගැට පෙළ නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතුය. එය එක දිගටම නැග යා හැකි පරිදි හෝ දකුණට හැරෙන සේ හෝ සකස්කළ යුතුය. වැරැදීමකින් හෝ නොදැනුවත්කම නිසා හෝ එය වමට හැරෙන සේ සකස්කර ඇත්නම්, පිය ගැට පෙළ කඩා නැවත සකස්කිරීමට උපදෙස්දුනහොත් ගෙහිමියා මහත් අපහසුතාවකට පත්වේ. පියගැට පෙළ කඩා නැවත සකස්කිරීම අධික වියදමක්දරා මහත් අපහසුතාවකින් කළ යුතු කාර්යයකි.

එම දෝෂය දුරුවීමට කළ හැකි එකම කාර්යය නම් පඩිපෙළ නැග හැරෙන ස්ථානයේ පිත්තල මල් බඳුනක්තැබීමයි.

ප්රධාන දොරටුවේ සිට නිවස ඇතුළත බලන විට, නිවසේ අභ්යන්තරය හරහා පිටුපස දොරටුවෙන් හෝ ජනේලයකින් හෝ පිටත පෙනේ නම්, එය දෝෂයකි. එවැනි නිවාසවල ධනය රැදෙන්නේ නැත. ලැබෙන සියලුම මුදල් වියදම් වී යයි. උළුවහු ජනේල වෙනස්කිරීමෙන් එම දෝෂය ඉවත් කර ගැනීම අපහසු වීමට පුළුවන. එවැනි අවස්ථාවලදී සාලයේ කෙළවර බැම්මක්බැඳීමෙන් දෝෂ වළක්වා ගත හැකිය. මේ ක්රම දෙකෙන් වඩා පහසු හා ලාභදායි ක්රමය කුමක්දැයි සිතා බැලිය යුතුය.

නිවසක මුළුතැන්ගෙය ස්ථානගත කළ යුත්තේ ගිනිකොණ දිශාවේය. ගිනිකොණ සුදුසු ගින්දර සඳහාය. ප්රධාන දොරටුව තැබීමට හෝ ජලය සඳහා හෝ එම දිශාව සුදුසු නැත. එහෙත් කුඩා ඉඩම් කැබලිවල මාර්ගය පිහිටා ඇති දිශාව අනුව මුළුතැන්ගෙය ගිනිකොණ දිශාවේ තැනීම අපහසු විය හැකිය. සමහර විට සාදා වැඩ අවසන් කළ නිවසක මුළු තැන්ගෙය වෙනස්කිරීම ඉතා අපහසු විය හැකිය.

එවිට, කුස්සියේ හරිමැද මාලිමා යන්ත්රය තබා ගිනිකොණ දිශාව සොයා එම පැත්තේ විදුලි උදුන හෝ ගෑස්කුකරය හෝ දර ලිප හෝ තැබීමෙන් දෝෂ මග හරවා ගත හැකිය.

දෙමහල් නිවසක හරි මැද බ්රහ්ම පාදය පිහිටි ස්ථානයේ කොන්ක්රීට්කණුවක්බැඳ බිත්තියක් සාදා තිබිණි. මෙහි දිග පළල මැන බ්රහ්ම පාදය සොයා බැලූ කෙනකු කොන්ක්රීට්කණුව සහ බිත්තිය ඉවත් කිරීමට උපදෙස්දී තිබිණි. මහත් අපහසුතාවට පත් ගෘහ මූලිකයා මගෙන් උපදෙස්පැතීය. අඩි කීපයක්පළල විවෘත ආලින්දයක්සාදා නිවසේ දිග වැඩි කරන ලෙස උපදෙස්දුනිමි. එයින් නිවසට අලංකාරයක් ලැබුණි. දොස්දුරු කිරීම සඳහා කළ නොහැකි දේ කිරීමට දැන්වීම වැරදිය.

නිවසක ලී උළුවහු ඔත්තේ ගණනක් ලී ජනේල ඉරට්ටේ ගණනක් විය යුතු බව වාස්තු විද්යාවේ සඳහන් වේ. සැලසුම් කළ නිවසක මෙය වැරදී ඇත්නම්, නාන කාමරයට ප්ලාස්ටික්උළුවහු දොර තැබීමෙන්ද නාන කාමරයට වැඩිපුර පෑන් ලයිට්එකක්දැමීමෙන්ද ඉතා පහසුවෙන් මෙම වරද නිවැරැදි කළ හැකිය.

සාදා නිම කළ නිවසක වාස්තු දෝෂ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සමහර විට ඉතා අපහසු විය හැකිය. එවැනි අවස්ථාවලදී නිවසට සුදුසු ශුභ නමක්තැබීම හෝ නිවස ඉදිරිපිට ශුභ ගසක්සිටුවීම ආදියෙන් දොස්තරමක්දුරට නිදොස්කර ගත හැකිය.

නිවසක්සෑදීම සඳහා සැලසුම පිළියෙල කිරීමට පෙර දළ සැලැස්මක්පිළියෙල කර, එහි දොස්ඉවත් කර, ඉන්පසු නිවාස සැලැස් ඇඳ ගැනීම වඩාත්ම සුදුසු ක්රියා පිළිවෙතයි. කලින් සැලැස්මක්සකස්කර ගත්තේ නම්, අත්තිවාරම දැමීමට පෙර වාස්තු දෝෂ තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.

සාදන ලද නිවසක්සහිත ඉඩමක්මිලදී ගැනීමේදී පළමුව නිවස පරීක්ෂා කර බැලීම වඩා ප්රඥාගෝචරය, සමහර නිවාස දෝෂ සහිත වුවද සුළු වෙනස්කිරීමෙන් දෝෂ ඉවත් කරගත හැකිය.

2 comments:

  1. ඔබ තුමාගෙන්මා හට උපදෙස් කිහිපයක් ලබාගැනීමට හැකියාවක් තිබේද? ස්තුතියි

    ReplyDelete
  2. ඔව් ඇත්ත වශයෙන්ම.

    ReplyDelete