Monday, November 21, 2016

නිවාස සැලසුම් ඇඳීම සඳහා බලසම්පන්න මෘදුකාංගයක්

නිවාස සැලසුම් ඇඳීම සඳහා භාවිතා කළ හැකි ඉතා සරල, නමුත් බලසම්පන්න මෘදුකාංගයක් තමයි මේ. වසර 2006 පමණ සිට නොමිලයේ ලබාදෙන මෙම මෘදුකාංගයේ පස් වැනි සංස්කරණය නිකුත් වුණේ පසුගිය ජූලි 19වැනිදා.



නියම පරිමාණයන්ට අනුව ද්විමාන සැලසුම් ඇඳීමටත්, ඒ සමගම ඒ සැලසුම ත්‍රිමානව බලාගැනීමටත් Sweet Home 3D පහසුකම් සලසනවා. ඒ වගේම, නිවසකට අවශ්‍ය දොර - ජනෙල්, ගෘහ භාණ්ඩ, විදුලි පහන් යනාදී සියලුම අංග ඔබට නොමිලයේම ඔවුන්ගේ නිළ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර සැලසුමට එකතු කරගත හැකියි.


  Sweet Home 3D මෘදුකාංගයේ මූලිකාංග කීපයක් ගැන කෙටියෙන් කිව්වොත්...






නියම මිණුම් වලට අනුව බිත්ති (සෘජු/වක්‍ර/ආනත) /පොළොව ඇඳීම පහසුවෙන්ම Mouse එක හැසිරවීමෙන් කළ හැකියි. එසේම ඕනෑම තට්ටු ප්‍රමාණයකින් යුත් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම සඳහා අලුතින් Levels එකතු කරගත හැකියි.



එසේ ඇඳගන්නා බිත්ති වලට දොර ජනෙල් ඇතුළත් කිරීම සඳහා, ඒවා වම් පස පැනලයෙන් සැලසුමේ බිත්ති මතට Drag and Drop කරන්න.
Image result for sweet home 3d


මුළුතැන්ගෙය, නිදනකාමරය, නාන කාමර යනාදී වර්ගීකරණයන් යටතේ දක්වා ඇති ගෘහ භාණ්ඩද, වම්පස පැනලයේ සිට සැලසුම මතට Drag and Drop කරන්න.



භාවිතා කරන හැඩතල/උපාංග වල වර්ණය, ප්‍රමාණය, තිබෙන දිශාව යනාදිය වෙනස් කිරීම සඳහා ඒ මත double click කරන්න.



ද්විමාන සැලසුම නිර්මාණය කරන අතරම, එය ත්‍රිමානව දැකගත හැකියි. (ඉහළ සිට බලන ආකාරයෙන් හෝ නිවස තුළට ගමන් කරන ආකාරයෙන්)



පරිමාණය දැක්වෙන රේඛා, ප්‍රදේශ නම් කිරීම් සහ දිශාව දැක්වෙන මාලිමාවක් යනාදී දේ පහසුවෙන් සලකුණු කළ හැකිියි.



දිවා/රාත්‍රී ආලෝක තත්ත්වයන් යටතේ ඉතා තාත්වික ඡායාරූප සහ වීඩියෝ සැකසිය හැකියි.



කලින් සැකසූ 3D models සහtextures නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන ඉතා පහසුවෙන් සැලසුම මතට import කළ හැකියි.


Image result for sweet home 3d
ඔබේ සැලසුම විවිධ මාදිලියෙන් Export කළ හැකියි.
Image result for sweet home 3d


ජාවා ක්‍රමලේඛ භාෂාවෙන් ලියූ plug-ins යොදාගෙන තවත් බොහෝ අංග එකතු කරගතහැකියි.


Image result for sweet home 3d

ඔබට මෙම වැඩසටහන Download කරගෙන Windows, Mac OS X, Linux හෝ Solaris මෙහෙයුම් පද්ධතියක එකසේ වැඩ කළ හැකියි. එසේත් නැතිනම් online වැඩසටහනක් ලෙසද භාවිතා කළ හැකියි.



Sweet Home 3D GNU General Public License, යටතේ නොමිලේ ලබාදෙන නිසා ඔබට වාණිජමය වැඩකටයුතු සඳහාත් මෙම මෘදුකාංගය නොමිලේම භාවිතා කළ හැකියි.


නිවාස සැලසුම් සහ නිවාස වර්ග

Image result for house types

1.තනි මහල් නිවාස
තනි මහල් නිවාස කියන්නේ තනි තට්ට්ටුවේ ගෙවල් වලටම තමයි.ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ නිවාසයි.ලෝකේ කොහේ හැදුවත් බොහෝවිට ගෙවල් වල තියෙන්නේ එකම කොටස් ටිකක්.ඒ කියන්නේ විසිත්ත කාමරය (Living Room),ආහාර ගන්නා ස්ථානය (Dining room),මුලුතැන් ගෙය (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්,නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet) හෝ කීපයක් ප්‍රධාන වශයෙන්ද, අවශ්‍යතාවයන්ට අනුව වාහන නැවතුමට ගරාජයක්,මැද මිදුලක්,කාර්යාලීය කාමරයක්,වැරන්ඩා,නාන තටාක ආදිය ඇතුලත් කර ගත හැක.මේ සියලුම දේවල් හරි කීපයක් හරි තනි හෝ මහල් නිවාස වලට ඇතුල් කරන්න පුලුවන්.ඒත් ඊටපෙර මේ දේවල් ගැන හිතන්න ඕනි.
 
  • තනි මහල් නිවසක් වඩාත් සුඩුසු වන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකටයි.එහෙම කියන්නේ අද වන විට තියන අමුද්‍රව්‍ය වල මිල සහ සේවක කුලී ගැන සැලකීමෙන්.සාමාන්‍යයෙන් ලක්ශ 20~25 ක් විතර මුදලකින් සාමාන්‍ය මට්ටමේ විසිත්ත කාමරයක් (Living Room),ආහාර ගන්නා ස්ථානයක් (Dining room),මුලුතැන් ගෙයක් (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්(2~3), නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet),ගරාජයක්, වැරන්ඩාක් වැනි අංග ඇතුලත් සම්පූර්ණ තනි තට්ටුවේ නිවසක් ඉදි කරගන්න පුලුවන්.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ තරමක් විශාල ඉඩමකට.අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය සියලු අංග පොලොව මතුපිට ස්තාන ගතකල යුතු නිසා පර්චස් 15 ට වඩා වැඩි ඉඩම් මේ සඳහ සුදුසු වේ.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට.එහෙම කියන්නේ නාගරික ප්‍රදේශ වල තරමක් විශාල ඉඩම් සුලබ නොවන නිසා…ඒත් නාගරික ප්‍රදේශ වල තනි මහල් නිවාස ඉදි කලා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නෑ…
  • පවුලේ ජීවත් වෙන්නේ බොහෝම සුලු පිරිසක් නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට අඩු ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ තනි මහල් නිවාසයක්.
තනි මහල් නිවාසයකට කණු කීපයක් ඇති වැරන්ඩාවක් එකතු කරාම හුඟක් ලස්සනට පේනවා…ඒ වගේම වහලය මට්ටම් කීපයකට පල කීපයකට යෙදීමෙන් තනි මහල් නිවස තවත් ලස්සන කරගන්න පුලුවන්.හැබැයි මේවට තරමක් වැඩිපුර මුදල් වැයවෙන බව හිතේ තියාගන්න.දෙමහල් නිවසක් ගැන හීන දැක දැක හිටපු ඔබට යම් අපහසු තාවයක් නිසා තනි මහල් නිවසක් තැනීමට සිදු වුනොත් දුක් වෙන්න එප…ඉහත මා කී ක්‍රම සහ තවත් නොයෙක් ගෘහනිර්මාණ ක්‍රම මගින් ඉතා ලස්සන තනි මහල් නිවසක් සැලසුම් කරන්න දක්ශ සැලසුම් කරුවෙකුට පුලුවන්.ඒ නිසා හැම විටම සැලසුමක් අන්දවා ගැනීමට පෙර ඔබේ ආර්ථික මට්ටම සහ ඉඩමේ ස්වභාවය පිලිබඳව සැලසුම් ශිල්පියාට දන්වන.තනි මහල් නිවසකට වැයවෙන මුදල මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙන නිසා ජීවිත කාලයම බාගෙට හදපු දෙමහල් නිවසක ඉන්නවට වඩා සම්පූර්ණයෙන් හදාගත්තු තනි මහල් නිවසක ජීවත් වෙන එක හිතට ලොකු සහනයක්.ආයෙමත් මම කියන්න ඕනි මම මෙහෙම කියන්නේ ආර්ථික අතින් අපි වගේ සාමාන්‍ය මධ්‍යම පාන්තික අයට.
 
2.දෙමහල් හෝ මහල් කීපයක් ඇති නිවාස.
 
  • මහල් කීපයකින් යුතු නිවාස වඩාත් ගැලපෙන්නේ ආර්තික අතින් සවිමත් අයටයි.එහෙම නැතිනම් තරමක් විශාල මුදලක් බැංකුවකින් ණය මුදලක් ලෙස ලබාගෙන කොටස් වශයෙන් එය අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව ඔබට තියනවනම් මහල් නිවාසයක් ගැන ඔබට හිතන්න පුලුවන්.
  • මහල් කීපයකින් යුතු නිවාස පර්චස් කීපයක කුඩා ඉඩමකට මෙන්ම විශාල ඉඩම් සඳහා වුවද ගැලපේ.ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් නම් එහි ඇති ඉඩ ප්‍රමාණය කලමණා කරණය කරගෙන හොඳින් ඉඩ පහසුව ඇතිව දෙමහල් නිවසක් ඉදි කරන්න පුලුවන්.පර්චස් 7ක් 8ක් වගේ තියන නාගරික ඉඩමක උනත් පර්චස් 3 ක් විතර ගෙවත්තක් ඇතුව නවීන පන්නයේ අලංකාර හොඳින් ඉඩකඩ ඇති මහල් නිවසක් හදන්න පුලුවන්.
  • පවුලේ වැඩි පිරිසක් ජීවත් වෙනවා නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට වැඩි ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ දෙමහල් නිවාසයක්.
 
බොහෝ විට විසිත්ත කාමරය,කෑම කාමරය පෑන්ට්‍රිය හෝ කුස්සිය,ගරාජය,සේවක කාමර,අමුත්තන්ගේ කාමරය,නාන කාමරයක් වැනි අංග පහත මාලයටත් නිදන කාමර,රූපවාහිණී කාමරය,ලොබිය,සඳලු තලය,නාන කාමරයක් හෝ කීපයක් වැනි පුද්ගලික අංග ඉහත මාලයටත් යෙදීම සාමාන්‍ය ක්‍රමයයි.නමුත් පෙර මා කී මෙන් තනි මහල් නිවසකට යන වියදම මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙනවා.ඒ ගැනත් හොඳින් හිතල බලල තමට වඩාත් ගැලපෙනම නිවාස වර්ගය තෝර ගන්න.
 
ඔබේ නිවස තනි මහල් හෝ දෙමහල් කුමන ආකාරයේ නිවසක් උනත් වෙනත් නිවාස සමඟ සන්සන්දනය කරන්න එපා.සෑම විටම ලෝකේ තියන ලස්සනම,වාසනාවන්තම නිවස ඔබේ නිවස කියලා හිතන්න.ඔබේ ආර්තික මට්ටමට ගැලපෙන,ඔබේ අවශ්‍යතාවයන්න්ට ගැලපෙන ලෝකේ තියන හොඳම නිවාසයේ ඔබ ඉන්නේ කියලා හැමවෙලේම හිතන්න…එහෙම හිතුවොත් ඔබට කිසිදාක වරදින්නේ නෑ.

නිවාස තැනීමට ගන්නා අමුද්‍රව්‍ය නිසි ලෙස තෝරා ගන්නා ආකාරය

1. සිමෙන්ති
=======================
නිවසක් ඉදිකිරීමේදී අතිශයෙන්ම වැදගත් අමු ද්‍රව්‍යකි.ගඩොල් හෝ කලුගල් හෝ කොන්ක්‍රීට් එකකදී නම් කුඩා ගල්,කම්බි සහ වැලි එකිනෙක ශක්තිමත්ව බඳවා තබීමට ප්‍රධාන වන්නේ සිමෙන්තිය.සිමෙන්ති වර්ග ගනනාවක් තිබේ.නමුත් ලංකාවේ අප සාමාන්‍ය ඉදි කිරීම් සඳහා යොදා ගන්නේ පෝට්ලන්ඩ් වර්ගයේ සිමෙන්තිය.නොයෙක් නම් වලින් වෙලඳ පොලට එන්නේ මේවාය.සිමෙන්ති මිලට ගනීමේදී අනිවාර්යයෙන් තත්ව සහතිකය තිබේදැයි බලන්න.එය මනාව පෙනෙන පරිදි පිට කවරයේ මුද්‍රනය කර තිබිය යුතුය.දැනට වෙලඳ පොලේ ඇති බොහෝ සිමෙන්ති වලට SLS සහතිකය තිබුනත් මා නම් පුද්ගලිකව අනුමත කරන්නේ සෑම විටම සංස්ථා සිමෙන්ති මිලදී ගන්න ලෙසයි.ඇතැම් විට මේසන් මහත්වරුන් සංස්ථා සිමෙන්ති වලට වැඩි කැමැත්තක් නොදක්වයි.ඒ සංසිතා සිමෙන්ති සවි වීමට තරමක් වැඩි වේලාවක් ගතවන නිසා සහ දෑත් හම යන ස්වභාවය වැඩි නිසාය.නමුත් ක්ෂනිකව සවිවන සිමෙන්ති වලට වඩා ක්‍රමානු කූලව සවි වන සිමෙන්ති වල ශක්තිය වැඩිය.හැකි සෑම විටම සංස්තා සිමෙන්ති යොදා ගන්න. එකවර වැඩි සිමෙන්ටි මිටි ප්‍රමානයක් මිලදී ගන්නේ නම් (25 ට වඩා) ඔබ වෙසෙන ප්‍රදේශයේ නියොජිත මහතා මගින් වෙලඳ සැල් වලට දෙන මිලටම නිවසටම ප්‍රවාහනය කරව ගන්න පුලුවන්. කඩේ මිලට වඩා රුපියල් 15ක් පමන අඩුවට ගන්නත් පුලුවන්.
 
2. වැලි
======================== ඉදි කිරීම් ක්ෂේස්ත්‍රයේ අත්‍යාවශ්යම අමු ද්‍රව්‍යකි.පිරිසිදු ගංගා වැලි ඉදිකිරීම් සඳහා යොග්‍ය වේ. ඉතා කුඩා ප්‍රමානයේ සහ විශාල ප්‍රමානයේ වැලි,අදික බොරලු ඇති වැලි මිලදී ගැනීමෙන් වලකින්න.සෑම විටම මධ්‍යම ප්‍රමාණයේ මඩ ගතිය අවම වැලි මිලදී ගන්න.අදික වැසි සමයන්හිදී ගංගා වැලි වලට රොන් මඬ මිශ්‍ර වේ.එවැනි කාල වලදී සැලකිලිමත්වන්න.ගංගා වැලි වලට අමතරව වැලි නිධි වලින්ද වැලි ගොඩ ගනු ලැබේ.නිධි වැලි බොහෝ විට ඉතා කුඩා වේ.කපරාරු කිරීම් ආදිය සඳහා තරමක් සුදුසුවේ.මුහුදු වැලි කිසි විටෙකත් ඉදිකිරීම් සඳහා කවුරු කිව්වත් යොදා ගන්න එපා.
 
3. ගල්
=========================
ගල් ප්‍රධාන වශයෙන් ගන්නේ අත්තිවාරම් දැමීමට සහ කොන්ක්‍රීට් දැමීමටයි.අත්තිවාරමට ගන්නේ 9″x 12″ පමන විශාල ගල් සහ කුඩා සක්ක කැබලිය.ගල් වල පැහැය සුදට හුරු නම් හෝ,ගල් හරහා සුදු පැහැති වයිරම් විශාල වශයෙන් තිබේනම් ඒවා ශක්තිමත් බවෙන් අඩු ඒවා ය.තද අලු පැහති කලු පාටට හුරු ගල් ශක්තිමත් බවෙන් වැඩිය..කොන්ක්‍රීට් සඳහා යොදා ගනේ 3/4″ප්‍රමානයේ කලුගල් ය.පෙර කී කරුණු මෙයටද අදාල වේ.විශාල කැට සහ කුඩා කැට බහුල මිශ්‍ර කොන්ක්‍රීට් ගල් වලට වඩා එකම ප්‍රමානයේ කුඩා ගල් (3/4″) මිලදී ගන්න.ඇතම් ගල් මෝල් කරුවන් බාල කලුගල් වලට ජලය ඉස කලු පැහැයට හරවා පාරිභොගිකයා රවටන අවස්ථා තියනව.ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.(අනිත් ගල් වගේ නෙමේ…ගෙවල් හැදිල්ලෙදි සුදු ගල් වලට රැවටෙන්න එපා…!!!)
 
4. කම්බි
========================
කොන්ක්‍රීට් එකක් දැමීමේදී ශක්තිමත් භාවයට ප්‍රධාන වේ.නානාප්‍රකාර කම්බි වර්ග වෙලද පොලේ තිබුනත් සංස්ථා කම්බි ඒ සැමට වඩා ශක්තිමත් බවෙන්,ආතතියෙන් සහ නිමාවෙන් අවිවාදයෙන් ම ඉදීයෙන් සිටී.මේ බව එකම ප්‍රමානයේ සංස්ථා කම්බියක් සහ වෙනත් වර්ගයක කම්බියක් සැසඳීමෙන් ඔබටම පෙනේවි.සංස්ථා කම්බි අනෙක් කම්බි වර්ග වලට වඩා තරමක් මිලෙන් වැඩි නිසා කොලම්,බීම් සහ ඉහත මාලය සඳහා පමනක්වත් අඩුම් තරමේ සංස්ථා කම්බිම යොදා ගන්න.ඒ හැරුනු විට බියගම කම්බි තරමක් ප්‍රමිතියෙන් ඉහලය
 
5.ගඩොල්
========================
නිවසක බිත්ති බැඳීමට යොදා ගැනේ.ගඩොල් වර්ග 2ක් තිබේ.ඒවා නම් ඉංජිනේරු ගඩොල් සහ පිලිස්සූ මෝඩ ගඩොල්ය.ඉංජිනේරු ගඩොල් ප්‍රමානයෙන් කුඩාය.කුඩා ගඩොල් විශාල ගඩොල් වලට වඩා ඉක්මනි,හොඳින් පිලිස්සේ.නමුත් සමහර විට පිටතින් ඉතා හොඳින් පිලිස්සී ලෙස පෙනුනද ඇතුලතින් පිලිස්සී නැති ගඩොල් තිබේ.මේවා “දඹු ගඩොල්” වේ.ගඩොල් ගැනීමේදී කැඩී ගිය ගඩොල් කැබලි පරීක්ෂා කරන්න.එවිට දඹු ගඩොල් බහුල බව පෙනේ නම් මිලදී ගැනීමෙන් වලකින්න.හොඳින් පිලිස්සුනු ගඩොල් කැට දෙකක් එකිනෙක ගටුනු විට නැවුම් පැදිලි ශබ්දයක් නැඟේ.එය ටයිල් කැට දෙකක් එකට වදින විට නැගෙන හඬ මෙන් වේ.තවද බාහිරින් නිසි ලෙස පිලිස්සේ නැති,පැත්තක් රතු පැහැයටත් තවත් පැත්තක් කහ පැහැයටත් ඇති ගඩොල් බහුල නම් එම ස්ථානයෙන්ද ගඩොල් මිලදී ගැනීමෙන් වලකින්න.හොදින් පිලිස්සුනු ගඩොල් රත් පැහැති වේ. 

නිවසක් ඉදි කිරීමේදී සිදුවිය යුතු නීතිමය කරුණු

Image result for law in house construction


1. මුලින්ම ඉඩමක් මිලට ගැනීමේදී එහි නිරවුල් ඔප්පු තිබේදැයි සොයා බලන්න.ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් මේ පිලිබඳ වැඩි දුර සොයා බලන්න පුලුවන්.පවුලේ ඉඩමක උනත් ඉදි කිරීමක් කිරීමට පෙර තමාට හිමි ඉඩම් කොටස නීතිමය වශයෙන් වෙන්කර ගැනීම ඉතා වැදගත්.මොකද කියනවනම් ඇතැම් විට එවැනි හේතු නිසා එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ගැටුම් ඇතිවන අයුරු අප කොතෙකුත් දැක ඇත.
 
2. නිවසට පිවිසීමේ මාර්ගය පිලිබඳව අනිවාර්යෙන් සොයා බලන්න.මේ සඳා වීථි රේඛා සටහනක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න.
 
3. ඉදිකිරීමට බලාපොරොත්තුවන ගොඩනැඟිල්ලේ සැලසුමක් ඉඩම් කැබැල්ල අයත් වන නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරවා ගන්න.නගර සභා සහ ප්‍රාදේශිය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කල නොහැක.එය නීතිමය වශයෙන් ඳඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි.නිවැරදි සැලසුමක් අනුමත කරගැනීමෙන් අපට අත්වන වාසි රැසකි.
 
(-) ගොඩනැඟිල්ල ඉදි කිරීමට මුදල් ප්‍රමානවත් නොවී මූල්යාතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු සැලසුම අනිවාර්යයෙන් එදිරිපත් කල යුතුය.
 
(-) පසු කාලීනව සිදුවන දැවැන්ත ඉදිකිරීමකදී (අදිවේගී මාර්ග ) ඔබේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු උනොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුය.
(-) හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.
 
(-) පසු කාලීනව ගොඩනැගිල්ලේ වේසක් කර ඉය අනුමත කර ගනීමේදී පෙර සැලසුනේ අනුමත පිටපතක් ද ඉදිරිපත් කල යුතුය. (අනුමත නොකරගෙන සාදන ලද ගොඩනැඟිල්ලක් පසුව අනුමත කිරීමට යාමේදී පසුගිය වසර ගනනට අනුව දඩ මුදලක් ගෙවීමට සිදුවේ.)
 
4. ඉඩමක මායිමක් හෝ ඉනි වැටක් කිසිම ලෙසකින් නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමට අවසරයක් නොමැත.ඉඩම් කට්ටි කිරීමේදී යොදා ගන්න මායිම් ගල් ගැලවීමට හෝ වෙනස් කිරීමට නොහැක.
 
5. ප්‍රාදේශීය සභා සීමාවක නිවසට පිවිසෙන මාර්ගයේ මද්ය ලක්ශ්යයේ සිට ගොඩනැඟිල්ලට ඇති දුර අවම අඩි 20 ක් විය යුතුය.(මෙම අඩි ප්‍රමානය ප්‍රාදේශීය සභාව අනුව වෙනස් විය හැක.නගර සීමා වලද මෙය වෙනස් වේ)
 
6. ගොඩනැඟිල්ලේ වහලේ මායිමේ සිට අනිත් එඩමේ මායිමට ප්‍රාදේශීය සභා සීමාවක අවම අඩි7′ ක් තිබිය උතුය.ජනෙල් හෝ දොරවල් නොමැති හිස් බිත්තියක් පමණක් නම් අඩි5ක් විය උතුය.එසේ නොමැතිනම් අනෙක් ඉඩමේ මායිමටම කර ගොඩනැඟිල්ල ඉදි කර හැක.එහිදී කිසිවිටෙකත් වහලය අනෙක් ඉඩමට පැන්නවිය නොහැක.වැසි වතුර අනෙක් ඉඩමට නොවැටෙන ලෙස සෑදිය උතුය.ජනෙල් හෝ දොරවල් කිසිවක් නොතැබිය යුතුය.ආලෝකය ලබා ගැනීමට පමනක් වීදුරු ගඩොල් වැනි දෙයක් පාවිච්චි කර හැක.
 
7. ප්‍රාදේශීය සභා සීමාවක නම් වැසිකිලි වල සහ ලිඳ අතර අවම අඩි 40ක් වත් දුරක් තිබිය උතුය.මෙයද නගර සීමාවකදී අඩි 30ක් පමන වන තුරු අඩු වේ.
 
8. නිවසේ සෑම කාමරයකම බිත්ති වල වර්ග ප්‍රමානය මෙන් 1/8ක් ප්‍රමානයක් විවෘත විය (දොර, ජනෙල්) යුතුය.එසේ නොහැති අවස්තා වලදී මැද මිදුලක් නිර්මානය කර වාතාශ්‍රය සඳහා ජනේල තැබිය හැක.

ජෝතිශ්‍යය වැටෙන්නේ තිරස්චීන විද්‍යා වලට


Image result for vasthu vidya

බුදු දහමට අනුව නම් ජෝතිශ්‍යය,නැකත්,පලාපල ආදිය වැටෙන්නේ තිරස්චීන විද්‍යා(තිරිසන් විද්‍යා)වලට.හැබැයි ඒවා බොරු දේවල් බව නම් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවනම් මේ කිසිම දෙයක් වැඩක් නෑ.ඒත් ගෘහ නිර්මාන ශිල්පයට අදාල වැදගත් විද්‍යාත්මක කරුණු වාස්තු විද්‍යාවත් එක්ක බැඳිලා තියනවා.ඒවා ටිකක් මොනවද


ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ බව.
 
 චතුරස්‍ර ඉඩම-සම චතුරස්‍ර හෝ සෘජුකෝනාශ්‍ර ඉඩම්ක ඉදිකරන නිවසක වෙසෙන්නන්ගේ ආර්තිකය වර්ධනය වනබවත්,ප්‍රීතිමත්ව දිවි ගෙවන බවත් කියවේ.
 
ත්‍රිකෝණ ඉඩම-මෙය වාසයට සුදුසු නොවන බව කියැවේ.වාස්තු විද්‍යාවට අනුව භය ඇතිකරන බව කියවේ.
 
 පරස්පර මායිම් ඇති ඉඩම-මෙවැනි ඉඩමක වෙසෙන්නන් නිතර ශෝක වන බව කියැවේ.
 චක්‍රා කාර ඉඩම-මායිම් චක්‍රාකාර මෙවැනි ඉඩම් වාසනාවන්ත බවත්,ජයග්‍රාහී බවත් කියැවේ.
 වෘත්තාකාර ඉඩම්-ඉතා දුලබ ඉඩමකි.ඉතා අශුභ බව කියැවේ.
 
 දණ්ඩාකාර ඉඩම්-දිගින් ඉතා වැඩි පලලින් ඉතා අඩු ඉඩම් සාමන්‍ය ඵල ගෙනෙන බව කියැවේ.
 පතාකාර ඉඩම්-මුල පලල්වත් අග සිහින්ව ඇති මෙවන් ඉඩම් ඉතා යහපත් බව කියැවේ.
 

මෙසේම බෑවුම් අනුවද ඉඩම් වල සුභ අසුභ බව වර්ගීකරනය කෙරේ.

 ගිණිකොන දෙසට බෑවුම් ඇති ඉඩම් වලට ගිනි,ආයුද,වස විස,ආදියෙන් අනතුරු විය හැකි අතර දකුණට බෑවුම් වන ඉඩමක නිතර අපල උපද්‍රව වලට ලක්වන,රෝගාභාද වලට ලක්වන බවත්,බටහිරට බෑවුම් වන ඉඩම් වල වෙසෙන්නන්ගේ දියුණුවට බාධා වන බවත් දරු ඵල අහිමි වීම් සිදුවිය හැකි බවත්,ශෝකාකූලව වෙසෙන බවත් කියැවේ.වයඹට ආනති වූ ඉඩමක වෙසෙන්නන් සම ඵල ගෙනදෙන අතර විදේශ ගත වීම් සිදුවියහැකි බව කියැවේ.උතුරු දිශාවට බෑවුම් වන ඉඩම් රාජ සම්පත් ගෙන දෙන බවත් දිනෙන් දින දියුණු වන බවත් කියවේ.
 
 
ඉඩමේ ජලය බැසයන පැත්ත බෑවුම් පැත්ත වේ.තම ඉඩමේ බෑවුම අසුභ දිශාවකට වේනම් ජලය බැස යන දිශාව වෙනස් වන පරිදි පස් පුරවා හෝ පස් කපා අසුභ බව මඟ හරවා ගත හැකි බව පොත පතේ සඳන් වේ.